කොවිඩ් ගැන විදෙස් මාධ්‍ය හෙළිදරවු කළ අසුබම ආරංචිය මෙන්න
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ විට අග්න්‍යාසයේ සෛල ක්‍රියාකාරිත්වයේ පරිවර්තනයක් සිදු වන බවට මෑත කාලීන අධ්‍යයන කිහිපයකින් පර්යේෂකයින් විසින් හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොවිඩ් ආසාදනය වීමෙන් පසු සෛලවල ක්‍රියාකාරිත්වය අඩපණ කරනවා මෙන් ම ඒවායෙහි ක්‍රියාකාරීත්වය වෙනස් කළ හැකි බව පර්යේෂකයින් සොයා ගෙන තිබේ.
අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවන බීටා සෛල මෙම වෛරසයට ගොදුරු වූ විට ඒවායෙහි ඉන් පෙරට වඩා අඩුවෙන් ඉන්සියුලින් නිපදවන බව හඳුනාගෙන තිබෙන බව පර්යේෂකයින් සඳහන් කරයි.
ඊට අමතරව ඒ සම්බන්ධයෙන් පර්යේෂකයින් හඳුනාගෙන ඇති තවත් කරුණක් වන්නේ අග්න්‍යාසයේ එම සෛලවලට අයත් කාර්යයක් නොවන ග්ලූකෝස් සහ ආහාර ජීර්ණ එන්සයිම නිපදවීම ද සිදුවන බවය.
මෙය සෛලවල ඉරණමේ වෙනසක් ලෙස මේ සම්බන්ධ පර්යේෂණයේ නායකත්වය දරන ආචාර්ය ෂූයිබිංග් චෙන් හඳුන්වා තිබේ.
කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූවන්ට ටික කලකින් දියවැඩියා රෝගය වැළඳී ඇති බව ආචාර්ය චෙන් පවසයි.
එම නිසා අලුතින් ඇති වන දියවැඩියා රෝගීන්ගේ අනුපාතය විමර්ශනය කිරීම නිසැකව සිදු විය යුතු බව චෙන් පවසා ඇත.
මේ වන විට චෙන් ඇතුළු කණ්ඩායම පෙනහලු, අක්මාව, බඩවැල් සහ ස්නායු පද්ධතිය ආදී කුඩා අවයව සෑදීමට මූලික සෛල පොකුරු සම්බන්ධයෙන් කොවිඩ් වෛරසයෙහි ක්‍රියාකාරීත්වය අත්හදාබැලීම් සිදු කරමින් පවතී.
එම පර්යේෂණවලදී පෙනහලු පටකවල ද සෛල ඉරණම හෙවත් ක්‍රියාකාරිත්වය නැතිවීම සිදුවිය හැකි බවට ආචාර්ය චෙන් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි
(Aruna)