ඉන්ධන මිල ඉහළ යයි?
බොරතෙල් බැරලයක මිල පෙරේදා (28 වැනිදා) ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා ගිය අතර මෙතරම් මිලක් වාර්තා වූයේ වසර තුනකට පසු පළමු වතාවටය.
බ්‍රෙන්ට් බොරතෙල් සම්බන්ධයෙන් මෙවැනි මිලක් මෙයට පෙර වාර්තා වී තිබුණේ 2018 ඔක්තෝබර් මාසයේය.
පසුගිය දින 7ක කාලය පුරාම තෙල් මිල ඉහළ යමින් තිබිණි.
රටවල ආර්ථිකයන් කෙමෙන් විවෘත වෙමින් තිබීම නිසා තෙල් සඳහා වන ඉල්ලුම ඉහළ යමින් තිබීමත්, සැපයුම ප්‍රමාණවත් නොවීමත් මත මේ ආකාරයෙන් මිල වැඩිවෙමින් තිබේ.
මේ වනවිට ස්වාභාවික ගෑස් මිල ඉහළ මට්ටමක පැවතීමද තෙල් සඳහා වන ඉල්ලුම ඉහළ දැමීමට හේතු වී තිබේ.
ඇතැම් නිරීක්ෂකයන් පවසන්නේ මෙම වසර අවසානය වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩොලර් 90 සීමාවට ළඟා විය හැකි බවයි.
ආර්ථිකයන් තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නොමැති පසුබිම තුළ මේ නිසා බොහෝ ව්‍යාපාරවල ලාභ අඩු විය හැකි බවටද ඔවුහු අනතුරු අඟවති.
කොවිඩ් වසංගතය ආරම්භ වූ කාලයේ තෙල් මිල දරුණු ආකාරයෙන් පහත වැටිණි. ඉතිහාසයේ පළමු වතාවට එය සෘණ අගයක් ගත්තේය. ඒ 2020 අප්‍රේල් මාසයේය.
රටවල් රැසක් අගුලු ලෑම් ක්‍රියාත්මක කිරීමත් සමග තෙල් සඳහා වන ඉල්ලුම විශාල වශයෙන් පහත වැටීම ඊට හේතු විය.
(Aruna)