චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර තොගයේ මෙරටට ලැබුණු තවත් පොහොර සාම්පලයක් විශේෂ පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා. ඒ, ඒවායේ ද මෙරට පසට සහ වගාවට අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටීදැයි සොයා බැලීම සඳහායි. බොහෝ විට එම පරීක්ෂණයෙහි ප්‍රතිඵල එළඹෙන සඳුදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවයි පොහොර ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
මීට පෙරද චීනයේ කාබනික පොහොර සාම්පලයක් පරීක්ෂණ සඳහා මෙරටට රැගෙනවිත් තිබුණා. එම සාම්පලය පරීක්ෂාවේදී හෙළි වුණේ ඒ තුළ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ඇති බවටයි. ඒ අනුවයි යළිත් කාබනික පොහොර සාම්පලයක් මෙරටට ගෙන්වාගෙන ඇත්තේ.
සාමාන්‍යයෙන් චීනයෙන් කාබනික පොහොර තොගයක් වෙනත් රටකට යැවීමට පෙර එහි පොහොර සාම්පලයක් අදාළ ඇණවුම සිදුකරන රටට යැවීම සිදුකරනවා. ඒ, එම පොහොර අදාළ රටට ගැලපෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහායි.
ශ්‍රී ලංකාවට මෙලෙස පොහොර සාම්පලයක් එවීමට නම් ජාතික ශාඛ නිරෝධායන සේවයේ අවසරය හිමිවිය යුතු වනවා. එසේම පොහොර සාම්පලය මෙරටට එවීමට පෙර චීනයේ අදාළ පරීක්ෂණ ඒකකයෙන් ද පරීක්ෂා කළ යුතුයි. ඒ අනුව මෙරටට එවන ලද පළමු පොහොර සාම්පලයේ කිසිදු ක්ෂුද්‍ර ජීවියෙකු නොමැති බවට චීනයේ අදාළ පරීක්ෂණ ඒකකයෙන් ද තහවුරු කර තිබෙනවා.
කෙසේවෙතත් එම පොහොර සාම්පලය ශ්‍රී ලංකාවට ලැබීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂා කිරීමේදී හෙළි වුණේ එහි අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවටයි. එම පොහොර සාම්පලය මෙරටට එවා ඇත්තේ ප්‍රසිද්ධ කුරියර් සමාගමක් හරහායි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ එම පොහොර සාම්පලය සතියකට වැඩි කාලයක් එම කුරියර් සමාගම සතුව තිබී ඇති බවයි.
ඊට හේතුවී ඇත්තේ එම පොහොර සාම්පලය අඩංගු පාර්සලය අදාළ නිලධාරීන් වෙත භාරදීමට ගෙන ගියද ඔවුන් කිහිපදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීමයි. කෙසේ වෙතත් එම පොහොර සාම්පලය අදාළ නිලධාරීන් වෙත භාර දෙන විටත් එම පාර්සලයට හානි සිදුව තිබූ ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස පාර්සලයට හානිවී, නිරාවරණයවීම හරහා එම පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්රජීවීන් හටගන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.
මෙලෙස කුරියර් සමාගමක් හරහා මෙම පොහොර සාම්පලය පරීක්ෂණ සඳහා ගෙන්වීමට කටයුතු කර ඇත්තේ පොහොර තොගය කඩිනමින් මෙරටට ගෙනඒමේ අරමුණින්. එහෙත් එම ක්‍රමය අසාර්ථකවීම හේතුවෙන් යළිත් පොහොර සාම්පලයක් නිසි ක්‍රමවේදය යටතේ බ්‍රහස්පතින්දා දින මෙරටට ගෙන්වා තිබෙනවා.
පොහොර සාම්පලයක් නිසි ලෙස මෙරටට ගෙන්වීමේ ක්‍රමවේදය වන්නේ අදාළ පොහොර තොගය නැව්ගත කිරීමට පෙර ලබාගන්නා සාම්පලයක් හෙවත් “ප්‍රී ෂිප්මන්ට්” සාම්පලයක් ගුවන් මඟින් මෙරටට එවීමයි.
එම පොහොර සාම්පලය භාරගැනීම සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ, ජාතික ශාඛ නි්රෝධායන ඒකකයේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මෙරට රජයේ පොහොර සමාගම් දෙකේ සහ අදාළ පොහොර තොගය අයත් සමාගමේ නියෝජිතයෙකු ගුවන් තොටුපළ වෙත යායුතු වනවා. ඔවුන් භාරගන්නා එම පොහොර සාම්පලය පසුව පරීක්ෂණ කටයුතු වෙත යොමු කරනු ලබනවා.
ඉකුත් බ්‍රහස්පතින්දා එවන ලද පොහොර සාම්පලය මෙම ක්‍රමවේදය යටතේයි පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇත්තේ. එළඹෙන සඳුදා දින මෙම පොහොර සාම්පලයේ වාර්තාව ලැබීමෙන් අනතුරුව මෙටි්රක් ටොන් 20,000 ක් අඩංගු පොහොර රැගත් නෞකාව චීනයේ සිට ශ්‍රී ලංකාව වෙත ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
(Neth)