ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු රජය සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාවට අමතරව ජැමෙයිකාව සහ බෲනායි රාජ්‍යය හතර වන මට්ටමේ අවදානම් සහිත රටවල් ලෙසයි ඇමරිකානු රජය ශ්‍රේණිගත කර තිබෙන්නේ.
මෙම රටවල පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
මෙම රටවලට අමතරව නෙදර්ලන්තය, මෝල්ටා, ගිනිබිසව් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෙවන මට්ටමේ අවදානම් රටවල් ලෙස නම්කර ඇති අතර පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ ඇමරිකානුවන් එම රටවල සංචාරය කිරීමෙන් වැළකී සිටිය යුතු බව අවධාරණය කර තිබෙනවා.
(LNW)