අගෝස්තු 30, 2021, කොළඹ
එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවේත්, ලොව සෙසු රටවලත් අතුරුදහන් වින්දිතයන්, ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාවන් සමග සහයෝගයෙන් පෙනී සිටී.
අතුරුදහන් වූවන්ගේ පවුලවලට සහ ප්‍රජාවන්ට තම ආදරණීයන් පිළිබඳ සත්‍ය තත්වය දැනගැනීමත්, වගවීමත්, යුක්තිය සහ හානිපූරණය ලබා ගැනීමත් අහිමි කරවයි. තම ආදරණීයන් සිටින තැනක් සොයා ගැනීමට සමහර විට වසර ගණනාවක් බලාපොරොත්තුව සහ අපේක්ෂා භංගත්වයත්, සැකය සහ මවිතය අතර දෝලනය වෙමින් මානසික වේදනාවෙන් පෙළීම ඔවුන්ගේ අත්දැකිමයි. වින්දිතයන්ගේ පවුල් සහ
මිතුරෝ සත්‍යය සොයා යෑමෙන් ඔවුන් අනතුරට පත්කරනු ඇතැයි බියෙන් ජීවත් වෙති.
පවුලේ සාමාජිකයන් ගේ අතුරුදහන් කිරීම පිළිබඳ ප්රශ්නය විසඳා ගැනීමේ අරගලයේ පෙරමුණේ බොහෝ විට සිටින්නේ කාන්තාවන් ය. එම තත්වය නිසා ඔවුන් තර්ජනයට, මර්දනයට සහ පලිගැනීම්වලට ලක් විය හැකිය.
නොවිසඳී ඇති බලහත්කාරයෙන් අතුරුදහන් වීම්වලින් ඇති වන අනාරත්ෂිත භාවය පිලිබඳ හැඟීම අතුරුදහන් වුවන්ගේ සමීප ඥාතීන්ට පමණක් සීමා නොවේ. එය ඔවුන්ගේ ප්‍රජාවන්ට සහ සමාජයේ සියලු දෙනාට බලපායි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව 2016 දී අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවීම වැදගත් පියවරකි. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වන්නේ වින්දිතයන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ විශ්වාසය ගොඩනැගීම සහ පවත්වා ගැනීමය. වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට කිසියම් පිළිතුරක් ලබා ගැනීමට ඉවහල් වන අතිශයින් වැදගත් වැඩ කොටස සඳහා සම්පත්, කුසලතා සහ
දේශපාලන සහාය ලබන සම්පූර්ණ ස්වාධීන සහ කාර්යක්ෂම ආයතන අවශ්‍ය ය.
අද අපි, කෙතරම් අභියෝග තිබුණත් සියලු ප්‍රජාවේ පවුල් සහ වින්දිතයන් තම සොයා ගත නොහැකි වූ ආදරණීයන් ගේ ඉරණම පිළිබඳව යුක්තිය සහ පිළිතුරු ඉල්ලා හඬ නැගීමට ඇති ධෛර්ය, කැපවීම සහ අධිෂ්ඨානය පිළිගනිමින් ඔවුන් වෙනුවෙන් නැඟී සිටිමු.
හනා සින්ගර්-හම්ඩි
එ ජා නේවාසික සම්බන්ධීකාරක
(LNW)