තුන්වන එන්නතක් ගැන අවදානය
එළඹෙන නොවැම්බර් මාසයේ අවසානයට පෙර මෙරට අවුරුදු 18ට වැඩි සියලුදෙනා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
සැප්තැම්බර් මාසයේ මැද භාගය වන විට අවුරුදු 30ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ කියුබා තානාපති අන්ද්‍රේස් ගරීඩෝ හමුවූ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.
මෙරට පුරවැසියන් පූර්ණ එන්නත්කරණයකින් පසු තුන්වන එන්නතක් පිළිබඳව ද අවදානය යොමු කරන බවයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියුබානු තානාපතිවරයා හමුවේ කියාසිටියේ.
ලොව ඉතා ඉහළ මට්ටමක පවතින කියුබා සෞඛ්‍ය සේවාවේ අත්දැකීම්, දැනුම සහ තාක්ෂණය මෙරටට ලබාදීමේ හුවමාරු වැඩසටහනක් සඳහා ද අවස්ථාව ලබාදෙන ලෙසටයි අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ කියුබානු තානාපති ඇන්ඩ්‍රීස් මාර්කෙලෝ ප්‍රකාශ කළේ මෙම වසර අවසාන වනවිට කියුබානු සියලු පුරවැසියන් එන්නත්කරණයට ලක්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ වන විට එරට 100% ක් භාවිතයට ගෙන ඇත්තේ කියුබානු නිෂ්පාදිත එන්නත් වන අතර, ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියෙන් අනතුරුව වෙනත් රටවලටද කියුබානු එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බව තානාපතිවරයා සඳහන් කර තිබෙනවා.
කියුබාවේ විදේශ විනිමය අතුරින් වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය සේවාවන් ඉහළ විනිමයක් ලබා දෙන බවයි තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
මේ අතර එන්නත්කරණයෙන් පමණක් ගෝලීය ව්‍යසනය මැඩලීම කළ නොහැකි අතර ඒ සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිමයෙන් පිළිපැදීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර අදහස් හුවමාරු වී තිබෙනවා.
(Aruna)