ගතවූ සතියක කාලය තුළ කොවිඩ් දත්ත සලකා බැලීමේදී එම සතිය තුළ ජනගහණයෙන් මිලියනයකට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ආසියාවෙන්ම දෙවැනි ස්ථානයට පැමිණ තිබේ.
ලොව කොවිඩ් දත්ත වාර්තා කරන ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන worldometers වෙබ් අඩවියේ සඳහන් වන පරිදි ගතවූ සතියක කාලය තුළ මෙරටින් කොවිඩ් මරණ 1209ක් තහවුරු කර ඇති අතර එය ඊට පෙර සතියට සාපේක්ෂව 41%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව එම සතියේ මෙරට ජනගහණයෙන් මිලියනයකට මරණ සංඛ්‍යාව 56කි. ආසියාවේ රටවල් 48ක් අතරින් එය දෙවැනි වී ඇත්තේ ජෝර්ජියාවට පමණි. සමස්ත ලෝකයේම රටවල් අතරින් ද ශ්‍රී ලංකාව එම අගය අනුව 9 වැනි ස්ථානයට පැමිණ ඇත.
(LNW)