Tuesday, November 05, 2024
Follow Us
ඇමරිකාවේ IHME පුරෝකථන සහ ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් තත්වය ගැන ...

ඇමරිකාවේ IHME ආකෘතියට අනුව අද දවසට ශ්‍රී ලංකාවේ "නරකම තත්වයේදී" ( වර්ස් කේස් සිනාරියෝ ) මිය යන සංඛ්‍යාවේ කන්ෆිඩන්සි ඉන්ටර්වල් එක ලෙස ප්‍රක්ෂේපණය කර තිබුණේ මරණ 45 - 107 සංඛ්‍යාවක්... ඒ කියන්නෙ "නරකම තත්වයේ, උපරිම මරණ " ප්‍රක්ෂේපණය මරණ 107 යි.... මේ ගණනය කිරීම් කර ඇත්තේ මීට සති දෙකකට පමණ පෙරදියි...

image dcc06e0dfe

අද ශ්‍රී ලංකාවේ වාර්ථා වූ මරණ ගණන 186 යි.... ( මේ සංඛ්‍යා වල නිවැරදි බව විශ්වසනීයත්වය ගැන තෝම්බුව ඉතින් දැන් සියල්ලෝම දන්නවනෙ.... එහෙම වෙලත්, ඒ එළියට දාපු සංඛ්‍යාවත්, අයි.එච්.ම්.ඊ මොඩ්ල් එකේ "නරකම" තත්වයේ, "උපරිම" මරණ ගණනට වඩා මරණ 79 ක් වැඩියි....

මෙම IHME ආයතනය මේ සති අන්තයේදී බොහෝවිට ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රක්ෂේපණය ප්‍රතිසංස්කරණය කරලා දාවි....මා හිතන්නෙ නෑ මේක ඔවුන්වත් බලාපොරොත්තු උන තත්වයක් කියලා.....

දැන් ඔය ග්‍රාෆ් එකේ කන්දක් පේනවා නේද...?... ඒ කන්දෙ මුදුන එන්නෙ ඔක්තෝම්බර් මාසයේ 22 වැනිදාට...එදාට, වත්මන් ප්‍රක්ෂේපණයට අනුව, දෛනිකව වාර්ථා වෙන මරණ ගණන

අවමය - 127
උපරිමය - 702
වාර්ථාවිය හැකි දෛනික දළ අගය - 350

එතකොට, ඒකෙ කන්ෆිඩන්සි ඉන්ටර්වල් එක හෙවත් "විශ්‍රම්භ ප්‍රාන්තරය" ට අපි දැනටම ඇතුලු වෙලා ඉන්නෙ කියලා ඔබට පේනවද?....මේ කථා කරන මොහොතේ අයි.එච්.එම්.ඊ ආකෘතියට අනුව ඔක්තෝම්බර් 22 වැනිදා "පීක් එකේ" පවතින බව කියන විශ්‍රම්භන ප්‍රාන්තරයට, ලංකාව, අද හෙවත් අගෝස්තු 19 වෙනිදාම ඇතුලු වෙලා ඉවරයි...

ඒ කියන්නෙ මේ projection එක දැන් ඉන්වැලිඩ්....projection එකට වඩා දරුණු තත්වයක ලංකාව ඉන්නෙ... කොටින්ම අගෝස්තු 19 ප්‍රක්ෂේපණයේ "වර්ස් කේස්" එකේ උපරිමයට "වඩා" 78% කින් වැඩි දරුණු තත්වයක, වාර්ථාගත මරණ අනුව....

( මම කියන දේ විශ්වාස කරන්න එපා...ෆුල් ටයිම් ඩේටා සයන්ටිස්ට් කෙනෙක්ට කියලා මේක වෙරිෆයි කරගන්න... බොහෝවිට මට නොපෙනෙන දෙයක් එයාට පෙනුනොත් හැර, එයත් කියයි මේ කියලා තියෙන දේ හරි බව......ඉන්දියාව, ඇමරිකාව, බ්‍රසීලයවත් මේ අයි.එච්.එම්.ඊ ප්‍රොජෙක්ෂන් එකට අහෙඩ් හිටියෙ නැහැ..... In plain English - we are now ahead of the worst case ceiling" of the projection, by a really wide margin... )

(LNW)