Friday, November 01, 2024
Follow Us
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් අද දිවයිනට

චීන රජය විසින් ප්‍රදානය කරන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් අද දිනයේ ශ්‍රි ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. එම එන්නත් මාත්‍රා හෙට සිට එන්නත්කරණ වැඩසටහනට යොදා ගන්නා බවයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ. එම එන්නත් මාත්‍රා කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැත‘ිය හිමිවුණා. ඒ සදහා වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 220 ක්. මෙම එන්නත් මාත්‍රා තොගය නොවැම්බර් මස අවසන් වීමට පෙර ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. චීන රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස මේ වන විට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 11 ක් ලැබී තිබෙනවා. මෙරට සියලු ජනතාවට කොරෝනා මර්ධන එන්නත ලබා දීම රජයේ අපේක්ෂාව බවයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

(Neth)