ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවෙත් වසංගතයේ බරපතළ අවදානමක් නිර්මාණය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
ඉන්දියාවට පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකටම හදිසි අවශ්‍යතා ඇති විය හැකි බවද එම සංවිධානය අවධාරණය කර සිටී.
ජිනීවාහි දී මාධ්‍ය අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ කෝවිඩ් රෝගීන්ගේ අඛණ්ඩ වැඩිවීමක් වාර්තා වන බවයි. මේ වන විට ඉන්දියාවේ තත්ත්වය පිළිබඳව තම සංවිධානයේ විශාල අවධානයක් යොමු වී ඇති නමුත් හදිසි අවශ්‍යතා ඇත්තේ ඉන්දියාවට පමණක් නොවන බවද එහිදී ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකාව,නේපාලය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල්වල මරණ සහ රෝහල්ගත කිරීම්වල වැඩිවීම් සම්බන්ධයෙන් තමන්ට දිගින් දිගටම වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.
වයිරසය හේතුවෙන් මේ වන විට මිලියන 3.3 කට වඩා ජීවිත අහිමි වී ඇති බවත්, වසංගතයේ දෙවැනි වසර පළමු වසරට වඩා මාරාන්තික විය හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.
(Aruna)