Thursday, October 31, 2024
Follow Us
ජුනි වන විට ලංකාවට කොවිඩ් එන්නත් 1,440,000ක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවැක්ස් (COVAX) පහසුකම යටතේ ලබන ජුනි මාසය වනවිට ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත් 1,440,000ක් ලැබෙනු ඇතැයි කොළඹ ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් ප්‍රකාශ කරයි.

​කොවැක්ස් පහසුකම යටතේ මේවනවිට යුනිසෙෆ් සංවිධානය හරහා මෙරටට ලැබී ඇති එන්නත් වර්ගය ඉන්දියාවේ නිෂ්පාදිත ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා’ වන අතර ලැබී ඇති එන්නත් තොගය මාත්‍රා 264,000කි. එම එන්නත් තොගය පසුගිය මාර්තු 07 වැනිදා මෙරටට ළඟා විය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඇමරිකානු තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම එන්නත් සියල්ලම ‘ශ්‍රී ලාංකිකයන්ට කිසිදු වියදමකින් තොරව’ නොමිලේ ලැබෙන බවයි. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 20%ක් ආවරණය වන පරිදි එන්නත් මාත්‍රාවන් මිලියන 8.4ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම එකඟතාව පළකර ඇත. එම සියලු එන්නත් තොග යුනිසෙෆ් සංවිධානය හරහා මෙරටට ලැබීමට නියමිතය.

(Aruna)