Wednesday, October 30, 2024
Follow Us
දරුවෝ 6750 ක් යොදාගෙන කෝවිඩ් එන්නතක් අත්හදා බලන්න යයි

වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා කොවිඩ් 19 එන්නතෙහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සායනික පරීක්ෂාවක් එක්සත් ජනපදයේ ජෛව තාක්‍ෂණ සමාගමක් වන මොඩර්නා (Moderna)සමාගම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ මාස 6 සිට අවුරුදු 12ට අඩු ළමුන් සඳහා මෙම එන්නත් පරීක්ෂාව ආරම්භ කර ඇති බව මොඩර්නා සමාගම පවසයි.

මෙම පරීක්ෂණය සඳහා ළමුන් 6750ක් පමණ සහභාගී කර ගැනීමට සැලසුම් කර ඇති බව අදාළ සමාගම සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසය වුරුදු 18 සහ ඊට වැඩි පිරිසට මොඩර්නා එන්නත මේ වන විටත් ලබා දෙන අතර වයස අවුරුදු 12 සිට 17 දක්වා නව යොවුන් දරුවන් පිළිබඳව දැනටමත් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.

(Aruna)