ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා ඊයේ (03) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සර සැමරුම් උලෙළට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීතුමා සිය නිල සංචාරය අතරතුර මෙලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාවක් ඇති අතර එය ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී තිබේ.
ඉන්දියානු ගුවන් හමුදාව විවිධ පාඨමාලා ඔස්සේ මෙරට ගුවන් හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට නිරන්තර සහායක් ලබා දෙයි.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි බව පෙන්වා දුන් එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා ඉන්දියානු ගුවන් හමුදාව ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බව ද කියා සිටියේ ය.
(Aruna)