Wednesday, October 30, 2024
Follow Us
ප්‍රංශයේ වෙසෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ජිනිවා සමුළුවට ඉදිරිපත්වන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා වලට එරෙහිව වීදි බසිති

ශ්‍රී ලංකාවේ පැවැති තිස් වසරක යුද්ධය 2009 වසරේ මැයි මසදී අවසන් කිරීම හේතුවෙන් වියරු වැටී සිටින කොටි ඩයස්පෝරාව ඇතුළු අධිරාජ්‍යයවාදී බලවේග රට බෙදුම්වවාදී ත්‍රස්ථවාදීන්ගෙන් බේරාගත් අභිත රණවිරුවන් මෙම මස 22 දා සිට ජිනිවා හි පවත්වන ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම් සභා සැසිවාරයේදි රණවිරුවන් මනුෂ්‍ය ඝාතනය කලා යැයි අභුත චෝදනා නගමින් පෝරකයට නැංවීමට දරණ උත්සාහයට එරෙහිව ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ගරැ පරවාහැර චන්දරතන නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ප්‍රංශයේ වාසය කරන ජාතිමාමක සහ දේශ හිතෛෂී ශ්‍රිලාංකිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ දින (පෙබරවාරි 17දා) සවස 2 සිට 4 දක්වා ප්‍රංශයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන ලදි.

මෙහිදි ප්‍රංශ විදේශ ඇමතිතුමාට කොටි ඩය්ස්පෝරාවේ සහ අධිරාජ්‍යයවාදී බලවේගවල සැබැ අරමුණු සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව කොටි පරාජය කළ මානුෂික මෙහෙයුමේ සැබෑ ස්වරූපයසහ ශ්‍රී ලංකාවේ සැබෑ ඓතිහාසික තත්වය තුළ දෙමළ නිජබිමක් නොමැති බව පැහැදිලි කරමින් පැහැදිළි කරමින් සංදේශයක් ද භාරදුනි.

පවතින කෝවිඩි වසංගත තත්වය තුළ සියලුම සෞඛ්‍ය ආරක්ෂිත පිලිවෙත් අනුගමනය කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට ප්‍රංශයේ වෙසෙන දේශ මාමක ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහයෝගය හා දායකත්වය ලබා දිම සම්බන්ධයෙන් සංවිධාන කමිටුවේ ප්‍රණාමය සහ සහභාගීවු සැමට ස්තුතිය ද පල කරමින් අභිමානවත් ශ්‍රිලංකා ජාතික ගීතය ගායනා කරමින් උද්ඝොෂණ කටයුතු අවසන් කෙරුණි.

(Lanka Leads)