ශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනෙකු සඳහා ඊශ්රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.
2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළදී ලාංකිකයින් 259 දෙනෙකු සඳහා රැකියා හිමිවී තිබෙන අතර, අප්රේල් මස 28 වන දින ඊශ්රායලය බලා යාමට නියමිත කාන්තාවන් 7 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරිණි.