මාලදිවයින වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම ගුවන් සේවය වන ශ්‍රි ලංකන් ගුවන් සේවය, මාලදිවයිනේ MATATO සංචාරක සම්මාන උළෙලේදී ‘2019 ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය’ ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර විය. ලොව පිළිගත් ගුවන් සමාගම් බොහොමයකට වඩා සංචාරක ජනතාවගෙන් වැඩිම ඡන්ද ප්‍රණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම සම්මානයට හිමිකම් කියන ලදී.
මාලදිවයිනේ සංචාරක සම්මාන උළෙල මාලදිවයිනේ සංචාරක නියෝජිතයින් සහ සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (MATATO) නිර්මාණයකි. මෙවර 8 වන වරටත් පැවති මෙම සම්මාන ප්‍රධානයේ දී සියලුම ප්‍රධාන කාණ්ඩයන් සඳහා වාර්තාගත නාමයෝජනා සංඛ්‍යාවක් ලැබී තිබූණි. එහිදී මාලදිවයිනේ ලියාපදිංචි සංචාරක වෙළෙඳ නාම 100 කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් කාණ්ඩ 28 ක් යටතේ නාමයෝජනා 236 ක් ඉදිරිපත් කර තිබිණි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය වසරේ ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ගුවන් සේවය යන කාණ්ඩය යටතේ, පසුගිය වසරේ ජයග්‍රාහකයන් වන සිංගප්පූරු ගුවන් සේවය, එමිරේට්ස් ගුවන් සේවය, එතිහාඩ් එයාර්වේස් සහ බැංකොක් එයාර්වේස් සමඟ තරඟ වැදුණි. එහිදී අන්තර්ජාලය, කෙටි පණිවුඩ සහ සංචාරකයින්ගේ සමාලෝචන මගින් ලියාපදිංචි ඡන්ද 110,000 කට වැඩි සංඛ්‍යාවක් පදනම් කරගෙන ශ්‍රීලංකන් මෙම ජයග්‍රහණය වාර්තා කලේය. මෙම වාර්ෂික සම්මාන උළෙල මාලදිවයිනේ විශාලතම සංචාරක වෘත්තිකයන් සහ විධායකයින්ගේ මූලිකත්වයෙන් පසුගියදා මාලදිවයිනේ ක්රෝස්රෝඩ්ස් හීදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. “ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ඡන්දය ලබා ගැනීමට හැකිවීම පිළිබඳ අපි අතිශයින් සතුටට පත්වෙනවා. මෙම සම්මානය ලබා ගැනීම යනු අපගේ ආගන්තුකයින්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමක්. ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව 4 වන වරටත් ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ලොව ප්‍රමුතම ගුවන් සේවය ලෙස සම්මානය දිනා ගෙන තියෙනවා. ඒ නිසා මෙම MATATO ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවා සම්මානය හිමිවීම අපගේ ජයග්‍රහණය නැවත තහවුරු කිරීමක්” යැයි මාලදිවයිනේ ශ්‍රීලංකන් කළමනාකරු ෆවුසාන් ෆරීඩ් මහතා පැවසීය.
(Dinamina)