රජය විසින් පාලන මිල අනුව සහල් තොග වෙළඳපොලේ පැවතීමේ යහපත් ප්‍රවණතාවක් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
සහල් මිල පාලනය කිරීමේ පියවරක් ලෙස සහල් සඳහා පාලන මිලක් හදුන්වා දුන් අතර ඉන්පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් රජයේ පාලන මිලට අනුගත නොවෙනා වෙළඳසැල් සොයා වැටලීම් සිදුකළා.
ඒ අනුව මේවන විට වෙළඳපොලේ නාඩු සහ සම්බා සහල්වල හිඟයක් නොපවතින අතර පාලන මිල අනුව වෙළදුන් විසින් සහල් අලෙවි කරන බවද වාර්තා වේ.
කෙසේ වෙතත් සහල් පවතින මිලට වඩා වැඩි මිලට වෙළඳුන් සහ සහල් තොග සඟවාගෙන සිටින ව්‍යාපාරිකයන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බවත් එම අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(Neth)