සතිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,149. 57 ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල 1. 00%ක අඩුවීමකි. කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලත්වය, ද්‍රවශීලතාව සහ මූල්‍යමය හැකියාවන් පදනම් කරගත් කොටස් 20ක් අන්තර්ගත වන S&P SL 20 මිල දර්ශක අගය පසුගිය සතියේ ඒකක 3,000. 43ක් ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල 2. 33%ක අඩුවීමකි.
සතිය තුළ වෙළෙඳපොළ ගනුදෙනුවලින් සටහන් වූ පිරිවැටුම රුපියල් බිලියන 4. 07ක් ලෙස සටහන් විය.
සතිය තුළ සටහන් වූ විදේශ ආයෝජන සලකා බැලු විට විදේශ මිලදී ගැනීම් රුපියල් බිලියන 0.82ක් ලෙස සටහන් විය. විදේශ විකිණීම් රුපියල් බිලියන 0. 90ක් ලෙස සටහන් විය.
සතිය තුළ මිල ගණන්වල ඉහළම වර්ධනයක් සටහන් කළ කොටස් වූයේ 1) Eastern Merchants 2) Equity Two 3) C M Holdings 4) Colombo Investment Trust5) Colombo Fort Investments සතිය තුල මිල ගණන්වල පහළම වර්ධනයක් සටහන් කළ කොටස් වූයේ 1) Tess Agro 2) S M B Leasing නිෂ්ඡන්ද කොටස් 3) Kelsey Developments 4) Blue Diamonds Jewellery 5) Hunters & Company
(Dinamina)