2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
ඒ අනුව මැයි මාසයේ 25 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,006,097ක් බව එම අධිකාරිය පවසයි.
තවද එම අධිකාරිය පැවසුවේ මැයි මාසයේදී මැයි 25 දක්වා තවත් සංචාරකයින් 109,213 පැමිණ ඇති බවය.
මෙම කාලය තුළ වැඩිම සංචාරකයින් පැමිණීම් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වූ අතර එය සංචාරකයින් 39,070 කි.
එසේම මේ වසරේ මැයි මාසයේදී එක්සත් රාජධානියෙන් සංචාරකයින් 7,661 ක්, චීනයෙන් 7,139 ක්, ජර්මනියෙන් 6,143 ක්, බංග්ලාදේශයෙන් 5,637 ක්, ඕස්ට්‍රේලියාවෙන් 4,917 ක්, ප්‍රංශයෙන් 4,660 ක්, ඇමරිකා එක්සත් ජනපදයෙන් 2,959 ක්, රුසියාවෙන් 2,950 ක් සහ කැනඩාවෙන් 2,783 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පැවසීය.