Saturday, October 19, 2024
Follow Us
විදුලිබල ක්ෂේත්‍රයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක්

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් පසුගියදා අනුමත කළ ඇ.ඩො .මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවට සිය ස්තුතිය පළ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා‌ දෙයි.

ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන බලශක්ති විශේෂඥයකු වන ජේම්ස් කොලන්තරාජ් ප්‍රකාශ කල පරිදි මෙම ආධාර වැඩසටහන මෙරට නව පනතට අනුව විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වලට මෙන්ම නියාමන කටයුතු වලට විදුලිබල ක්ෂේත්‍රයේ තිරසාර මෙහෙයුම් කටයුතු වල වෙනුවෙන් සහය පළ කරනු ඇත.

එමෙන්ම මෙම ආධාර වැඩසටහන මගින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වේගවත් කිරීමට මෙන්ම තිරසාර හරිත බලශක්ති උත්පාදනය වෙනුවෙන් සංක්‍රමණය වීමට ද සහාය වනු ඇත.

එලෙසම මෙම ආධාර වැඩසටහන මගින් විදුලිබල ක්ෂේත්‍රයේ බිහිවන නව ආයතන ස්ථාපනය කිරීමටත් ඒවා නියාමනයටත් නව ගාස්තු ක්‍රමය සහ විදුලිය මිල දී ගැනීමේ ගාස්තු සම්බන්ධ ජාතික ප්‍රතිපත්තික් නිර්මාණය කර වියදම් නිරූපණය වන අයක්‍රමක් නිර්මාණය කර මූල්‍ය ශක්තිය ස්ථාවර කර ගැනීමටත් මහෝපකාරී වනු ඇත.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් වන ආයෝජන වේගවත් කිරීමට මෙන්ම ඒ හරහා 2023- 2030 පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්කය සපුරා ගැනීමට ද මෙම ආධාර උපකාරී වේ.

එමෙන්ම කුඩා විදුලිබල උත්පාදනය ව්‍යාපෘති වෙනුවෙන් සහ වහල මත ඉදිවන සූර්ය පැනල වෙනුවෙන් වන ප්‍විදුලිය මිල දී ගැනීමේ අයක්‍රමය වරින්වර යාවත්කාලීන කිරීම, ජාතික පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය එක්කරගැනීමේ අවකාශය පුළුල් කිරීම හා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් වන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීම, මෙම ආධාර වැඩසටහන සඳහා වූ මුල පිරීමකි.