Wednesday, October 23, 2024
Follow Us
අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වන රාජ්‍ය වියදම් දිගටම

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ වසංගතය තුළ වුවද ශ්‍රී ලංකා රජය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වන රාජ්‍ය වියදම් දිගටම කරගෙන යනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.



මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලෝක බැංකුව සංවිධාන කළ සැසිවාරයක‌ට එක් වෙමිනි.

“අධ්‍යාපනය සඳහා වැඩි වැඩියෙන් ඵලදායී රාජ්‍ය වියදම් - රටේ අත්දැකීම් වලින් උගත් පාඩම්” යන මැයෙන් ලෝක බැංකුව සංවිධාන කළ සැසියට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී විය.

ගුණාත්මක හා සියළු කරැණු ඇතුළත් අධ්‍යාපනය සහතික කිරීම සඳහා අධ්‍යාපනය සඳහා වන ආයෝජන වැඩි කිරීමටත්, පද්ධතිය තුළ පවතින ඇතැම් අභියෝග සහ විෂමතාවලට විසඳුම් සෙවීම සඳහා අධ්‍යාපනය සඳහා වන ආයෝජන යොමු කිරීමටත් රජය අවධානය යොමු කර ඇතැයි ඇමතිවරයා පැවසීය.

එහි දී අදහස් දක්වමින් ආර්ථිකයක සංවර්ධනය සඳහා මානව ප්‍රාග්ධනයේ කාර්යභාරය මැනවින් හඳුනාගෙන ඇති බවත් අධ්‍යාපනය සේවා නියුක්තිය, ඵලදායිතාව සහ ආදායම කෙරෙහි මෙන්ම සාර්ව ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වන බලපෑම තුළින් පුද්ගල යහපැවැත්ම යන දෙකටම තීරණාත්මක බලපෑම් ඇති කරන බවත් රාජ්‍ය අමාත්යවරයා සඳහන් කළේය.

පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය 98.8% ක් වූ බවත්, එය දකුණු ආසියානු කලාපයේ ඉහළම අගයන්ගෙන් එකක් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. රටේ ජනගහනයෙන් 99% ක් වන ඉහළම ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුළත් වීමේ අනුපාතයන්ගෙන් එකක් වන අතර, ශ්‍රී ලංකාව අනෙකුත් බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටීන බවත් රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් ගත් කල, රජයේ සැලකිය යුතු වියදම් කොටසක් අධ්‍යාපනය සඳහා වැය කෙරෙන අතර පුද්ගලික වියදම් මගින් ද වැය කිරීම සිදුවන බවද පෙන්වා දෙන ලදී.