Wednesday, October 23, 2024
Follow Us
ණය තිරසරභාවය කඩිනමින්
ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සමග අද ආරම්භ කළ නව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ තුළින් මෙරට ණය තිරසරභාවය කඩිනමින් ළඟා කර ගැනීමට අපේක්‍ෂා කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 
 
ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ , ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල් සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ  මාධ්‍ය හමුවට සූම් ඔස්සේ එක්වෙමින් ය.
 
අමෙරිකවේ වොෂින්ටන්හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්ෂික වසන්ත සැසිවාරය අතරතුර, මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ  වඩාත් සාර්ථක සහ විනිවිද භාවයකින් යුතුව සිදු කිරීම රජයේ අපේක්‍ෂාව බවයි. 
 
ශ්‍රී ලංකාවට සහයදීම සඳහා අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන් මෙන්ම වාණිජ ණය හිමියන් ද එක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.