Wednesday, October 23, 2024
Follow Us
නිමි ඇඳුම් ඉල්ලුම අඩු වෙලා

නිමි ඇඳුම් සඳහා ඇති ඉල්ලුම 40%කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදය අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේය.

එම සංසදයේ සභාපති ටානියා අබේසුන්දර කියා සිටියේ නිමි ඇඳුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කළේ අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ ගොස් තිබූ වකවානුවේදී බවයි. මෑතකදී අමුද්‍රව්‍ය ආනයනය නොකල බව ද ඇය මෙහිදී ප්‍රකාශ කළා ය.

මේ හේතුවෙන් ඉතිරි වූ ඩොලරයේ ප්‍රතිලාභ ජනතාවට හිමි නොවුනු බවද ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර වැඩිදුරටත් පැවසුවා.

" දෙසැම්බර් මාසයේදී අපි නිෂ්පාදනය කළ භාණ්ඩ අලෙවි කිරීමට නොහැකි වුණා.ජනවාරී මාසයෙත් අපි යම්කිසි නිෂ්පාදයක යෙදුනා.පෙබරවාරී මාසයෙත් යෙදුනා. මේ මාසවල අපිට ඉල්ලුමක් තිබුණේ නැහැ.සම්පූර්ණයේ අපෙන් භාණ්ඩ ලබාගන්නා ආයතන භාණ්ඩ ලබා ගත්තේ නැහැ. මේ ළඟකදී මේ සති දෙකකදී විතරයි අපෙන් භාණ්ඩ ලබා ගත්තේ .මාස තුනක් නිෂ්පාදන අපේ ළඟ තිබුණා. දෙසැම්බර් මාසයේ ඉතුරු වුණු 40%කුත් තිබුණා.අපෙ ළඟ කොච්චර ලොකු ස්ටොක් එකක් තිබුණාද?"