Wednesday, October 23, 2024
Follow Us
බදු පැහැරහරින්නන් ගැන ඔත්තු දෙන අයට මුදල් ත්‍යාග
බදු පැහැරහරින්නන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබා දෙන බව ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි
 
දේශීය ආදායම් පනතේ 211 වගන්තිය යටතේ බදු පැහැරහරින්නන් සම්බන්ධයෙන් සපයන ලද තොරතුරු පදනම් කරගෙන බදු අය කළ විට රැස්කරන ලද ආදායමින් 15%ක් දක්වා එසේ මූල්‍ය ත්‍යාග ලෙස පිරිනමනු ලබන බව ද වාර්තා වෙයි
 
තවද හිතමතා බදු පැහැර හරින පුද්ගලයින් පිළිබඳ තොරතුරු දන්නේ නම් දෙපාර්තුමේන්තුව දැනුවත් කරන ලෙසත් මෙහිදී එම පුද්ගලයන්ගේ අනන්‍යතාවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන බව ද සඳහන් වෙයි
 
මේ අනුව එකතු කළ අගය මත බදු වංචා, අසත්‍ය නිදහස් කිරීම්, අසත්‍ය අඩුකිරීම්, අසත්‍ය ලියවිලි, වාර්තා නොකරන ලද ආදායම්, අල්ලස්, සදාචාර නොවන ව්‍යාපාරික පරිචයන්, බදු ගෙවීමට අසමත් වීම, වාර්තා ගොනු කිරීමට අසමත් වීම හා කුලී ආදායම් වශයෙන් නෛතික උල්ලංඝණය කිරීම් ගැන ද මෙහිදී තොරතුරු ලබා දීමට හැකියාව පවතියි
Dinamina