Wednesday, October 23, 2024
Follow Us
නාමයෝජනා ලබාදුන් රජයේ නිලධාරීන්ගේ වැටුප් ගැන තීරණයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී ඇති රජයේ නිලධාරින් සඳහා 2023 03 09 දින සිට 2023 04 25 දින දක්වා කාලසීමාවට අදාළව මූලික වැටුප ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් ලෙස රජයේ නිලධාරින් 3,000ක් පමණ නාමයෝජනා භාරදී ඇති අතර, ඔවුන්ට ආයතන සංග්‍රහයේ විධිවිධාන පරිදි වැටුප් රහිත නිවාඩු ලබා දී තිබේ.

නමුත්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දැනට කල් තබා ඇති බැවින්, ඔවුන්ගේ වැටුප් රහිත නිවාඩු කාලසීමාව දීර්ඝ වීම හේතුවෙන් එම නිලධාරින් ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇති බැවින් රජය මෙම තීරණය ගෙන තිබේ.