Wednesday, October 23, 2024
Follow Us
රාජ්‍ය සේවකයින්‌ගේ අප්‍රේල් වැටුප

ආණ්ඩුවේ මුදල් ප්‍රවාහයට බරක් වුවද අප්‍රේල් මස 10 වනදාට පෙර රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යරවයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම වසරේ අවසන් කාර්තුව වන විට රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙවැනි තත්ත්වයක් තුළ වෙනත් රටවල නම් රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීමක් සිදු කරන බවත් නමුත් මෙරටේ එවැනි දෙයක් සිතා නැති බවත් රාජ්‍ය අමාත්‍යරයා පෙන්වා දුන්නේය.