Wednesday, October 23, 2024
Follow Us
හරිත ආර්ථිකයකට ශ්‍රී ලංකාවේ ඇති විභාවය යහපත් - ජනපති

හරිත ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ ඇති විභවය යහපත් බවත් රට කඩිනමින් ඊට යොමුවෙමින් ඩිජිටල්කරණයද ආරම්භ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

'ආර්ථික සංවාදය- IMF සහ ඉන් ඔබ්බට’ සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය පවත්වමින් ජනාධිපතිවරයා අද (30) මේ බව සඳහන් කළේය.

ජනවාර්ගික ප්‍රශ්නය ප්‍රධාන ආර්ථික ප්‍රශ්නයෙන් වෙන්කළ නොහැකි බවත් රට දියුණු වීමට නම් එය විසඳිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.