Wednesday, October 23, 2024
Follow Us
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිලෙහි අඩුවීමක් නැහැ

එළැඹෙන සිංහල අවුරුදු සමය වන විට ඉන්ධන මිල තවත් අඩු වී ආනයනික බිත්තර හිඟයක් නොමැතිව බේකරි වලට ලැබෙන්නේ නම් එම සහනය සිංහල අවුරුද්දට ජනතාවට ලබාදීම සඳහා බේකරි නිෂ්පාදනවල මිල අනිවාර්යෙන්ම අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල අඩු වුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල මේ මොහොතේ අඩු කළ නොහැකි බව එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ මීට පෙර ඉන්ධන මිල වැඩි වුණු අවස්ථා වලදී සහ අඩුවුණු අවස්ථාවලදී බේකරි නිෂ්පාදන වල මිල වැඩි හෝ අඩු නොකළ බවයි.

බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට තරම් මෙවර ඉන්ධන මිල සංශෝධනය වී නොමැති බව එන්. කේ. ජයවර්ධන පවසයි.

බේකරි කර්මාන්තයේ දී ඩීසල්, පෙට්‍ර්ල්, භූමිතෙල්, ගෑස් සහ දර උපයෝගී කර ගන්නා බවත්, දිනකට බේකරි වලට ඉන්ධන විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය.

ARUNA