Wednesday, October 23, 2024
Follow Us
අද මාධ්‍ය රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 60කින් පහළ දමා තිබෙන අතර එහි නව මිල රු 340කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 375කි.

මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් පහත දමා ඇති අතර එහි නව මිල රු. 325කි.

සුපර් ඩීසර් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි.

භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295කි.