Wednesday, October 23, 2024
Follow Us
මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳ පොළට විදේශ සමාකම් 3ක්

මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳ පොළට පිවිසීම සඳහා විදෙස් සමාගම් තුනකට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

චීනයේ sinopec, ඕස්ට්‍රේලියාවේ united petroleum හා අමෙරිකාවේ RM parks & shell PLC යන සමාගම් වෙත මෙසේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. RM parks සහ shell PLC යන සමාගම් එක්ව සේවා සැපයීමට නියමිත බව වාර්තා වෙයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසා ඇත්තේ මෙරට ඉන්ධන වෙළෙඳපොළට ඇතුළුවීම සඳහා මෙම සමාගම්වලට බලපත්‍ර ප්‍රදානය කිරීමට අනුමැතිය පළ වූ බවයි.

දැනට ඛනිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන අලෙවි නියෝජිතයන් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මේ සමාගම් තුන සඳහා වෙන් කර දෙන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වන බලපත්‍රයක් මේ අනුව ලබාදෙන බවත් ඇමැතිවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. එමෙන්ම තෝරා ගත් සමාගම් මඟින් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමට නියමිත බවත් ඇමැතිවරයා එහි දක්වා තිබේ.