Wednesday, October 23, 2024
Follow Us
එළවළු මිල තවදුරටත් සීඝ්‍රයෙන් පහළට

එළවළු තොග ලැබීම ඉහළ යාම නිසා එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙළෙඳුන් පැවසුවේ මේ වන විට රුපියල් 400කට අලෙවි කළ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වාත්, රුපියල් 700කට අලෙවි කළ මාළු මිරිස් කිලොවක් රුපියල් 250 දක්වාත්, කැරට් කිලෝවක මිල රුපියල් 450 සිට රුපියල් 100 දක්වාත්, ගෝවා කිලෝවක මිල රුපියල් 300 සිට රුපියල් 50 දක්වාත් අඩුවී ඇති බවයි.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.