Wednesday, October 23, 2024
Follow Us
වාහන ආනයනයට අවසර ඉල්ලයි

රට තුළ මේ වන විට ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන්නැයි රජයෙන් ඉල්ලිමක් කර ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමය සඳහන් කළේ මහබැංකු අධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ ඉල්ලීමක් කර තිබුනද මේ වනතෙක් වාහන ආනයනයට අවසර හිමිව නොමැති බවයි.

මෙවර අයවැයෙන් වාහන ආනයන තහනම ලිහිල් කරනු ඇතැයි වාහන ආනයනකරුවන් අපේක්ෂා කරන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.