Thursday, October 24, 2024
Follow Us
සංචාරක ඇමැති නිලාවේලී සංචාරක කලාපය නිරීක්ෂණය කරයි 

දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද පහස ලබන ලංකාවේ වෙරළ  තීර අතරේ වඩාත්ම සොදුරුතම වෙරළ  තීරයක් වන නිලාවේලි වෙරළ ආශ්‍රිතව ඉදිව තිබෙන සංචාරක හෝටල් හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ,කුච්චවේලි හා ඉරක්කන්ඩි යන ප්‍රදේශවල සංචාරක හා ඉඩම්ඩම්  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිරීක්ෂණ චාරිකාවක  නිරත විය. 

එහිදි විශේෂයෙන්ම සංචාරක සංවර්ධන අධිකාරිය සතු ඒ ප්‍රදේශ වල ඇති ඉඩම් පිළිබඳව ද සොයා බැලූ අතර ඒ ප්‍රදේශවල රාජකාරියේ නිරත සංචාරක පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් සමඟද ඒ ඒ ප්‍රදේශවල තත්ත්වයන් පිළිබඳව අමාත්‍යවරයා  සාකච්ඡා කළේය . 

මෙම නිරීක්ෂණ චාරිකාවේදී ලැබුන අදහස් ,යෝජනා හා නීරීක්ෂණයන්ට අනුව අදාළළ  නිලධාරීන් හා ආයතන සමඟ  සාකච්ඡා කොට සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට ගතයුතු පියවර කඩිනමින් ගෙන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.