Thursday, October 24, 2024
Follow Us
 මසකට ඩොලර් බිලියනයක ඉලක්කයක්

නීත්‍යනුකූල ක්‍රමවේදය ඔස්සේ පමණක් මාසයකට ඩොලර් බිලියනයක සහ වර්ෂයක් තුළ ඩොලර් බිලියන දොළහක විදෙස් ප්‍රේෂණ ඉලක්කයක් පවතින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසයි.

ඉකුත් දෙසැම්බර්  වන විට මෙරටමෙරට එකී මාසික ඉලක්කයෙන් හරි අඩකටත් ටිකක් අඩුවෙන් බවත්  අනවබෝධය නිසාත් වැරදි තොරතුරු ප්‍රචාරය වීම නිසාත් බොහෝ  දෙනෙකු නීත්‍යනුකූල නොවන ක්‍රමවේදයන් හරහා මුදල් ප්‍රේෂණයට පෙළඹී සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ගැටලුව ඇත්තේ මුදල් ප්‍රේෂණය නොකිරීම තුළ නොව  අනවබෝධය නිසා වැරදි තොරතුරු වඩා වේගයෙන් ප්‍රචලිත වීමත්, එහි බලපෑම නිසා  ම නිවැරදි ක්‍රමවේදය අවිශ්වාස කිරීමත් තුළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ සඳහා  බිම් මට්ටමේ සිට ම අවබෝධය සහ විශ්වාසය ගොඩනැගීමේ විධිමත් සන්නිවේදන යාන්ත්‍රණයක් තිබිය යුතු බව ද අවධාරණය කළේය.

මෙහිදී බිම් මට්ටමේ ගැටලු හඳුනාගත යුතු අතර දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.