Thursday, October 24, 2024
Follow Us
නව බදු ගැන මහ බැංකුව තුළින්ම දැඩි තීරණයක්

2023 ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ නව බදු ව්‍යූහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර තිබේ.

 මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිපියක් යවා ඇති අතර එහි පිටපතක් මහ බැංකු අධිපතිවරයාට ද යොමු කර ඇත.

 මෙහිදී මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවමින් පවසන්නේ නව බදු තන්ත්‍රය විවිධ පැතිවලින් දැඩි හානියක් සිදුකරනු ඇති බවය.

 මේ අතර රජය විසින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ලංකා බැංකු සේවක සංගමය ද ඊයේයේ දහවල් කොටුව ලංකා බැංකු පරිශ්‍රයේදී විරෝධතා රැස්වීමක් සංවිධානය කර තිබුණි.

 මෙවැනි පසුබිමක රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, බැංකු නිලධාරීන්, විධායක නිලධාරීන්, ඉංජිනේරුවන් සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධව ''වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව'' යන නමින් නව සංවිධානයක් පිහිටවනු ලැබීය.

 ඒ අනුව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව ප්‍රකාශ කළේ, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව එළැඹෙන සතිය කළු සතියක් වන බවයි.