Thursday, October 24, 2024
Follow Us
වර්ෂ 2015 - 2022 දක්වා ශ්‍රී ලංකාව ලබාගත් විදේශ ණය හා ප්‍රදානයන්

වර්ෂ 2015 ජනවාරි 01 දින සිට 2022 දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකා රජය විසින් විදේශීය රටවලින්, විදේශීය නියෝජිතායතනවලින් හා බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 29,922 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා ප්‍රකාශ කළේ එම කාලය තුළ ලබාගෙන ඇති ප්‍රදාන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 349 ක් බවයි
පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වර්ෂ 2015 සිට 2022 දක්වා ශ්‍රී ලංකාව ලබා ගත් විදේශ ණය හා ප්‍රදාන ප්‍රමාණය එක් එක් වර්ෂ අනුව වෙන් වෙන් වශයෙන් පහත සඳහන් වේ.

වර්ෂය

විදේශ ණයවලට අදාළ ප්‍රතිලබ්ධි ප්‍රමාණය (එ.ජ. ඩොලර් මි.) **

විදේශ ප්‍රදාන වලට අදාළ ප්‍රතිලබ්ධි ප්‍රමාණය (එ.ජ. ඩොලර් මි.) **

2015

3,691.59

77.40

2016

3,847.38

60.18

2017

4,235.32

59.30

2018

4,964.07

32.39

2019

6,188.45

35.94

2020

2,253.85

56.33

2021

2,520.60

19.53

2022 *

2,221.22

7.86

එකතුව

29,922.48

348.93