Thursday, October 24, 2024
Follow Us
“ Inco 2023” කර්මාන්ත ප්‍රදර්ශනය

“ Inco 2023” කර්මාන්ත ප්‍රදර්ශනය පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

සංස්ථාපිත ඉංජිනේරු ආයතනය විසින් වාර්ෂිකව පැවැත්වීමට ආරම්භ කෙරුණු මෙම Inco ප්‍රදර්ශනය ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හා රටේ පැවති අයහපත් තත්ත්වය නිසා මෙවර 17 වෙනි වරට පැවැත්වුණේ වසර හතරකට පසුවයි.

නිෂ්පාදන කර්මාන්තය දියුණු නොවීම රටේ ආර්ථික සංවර්ධනය අඩාලවීමට මූලික හේතුවක් වී ඇති බවත් එනිසා රට ආර්ථිකව සංවර්ධනය කිරීමට නම් අප ආනයනය අඩුකොට, ආනයන ආදේශන නිෂ්පාදන වැඩිකොට, අපනයන නිෂ්පාදනයන්ද වැඩිකරමින් අපනයනය වැඩිකළ යුතු බව බව මෙම අවස්ථාවට එක් වූ වැවිලි හා කර්මාන්ත රමේෂ් පතිරණ මහතා පැවසීය.

මෙම ප්‍රදර්ශනයට ප්‍රදර්ශන කුටි 180 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කොට තිබූ අතර ඒ සදහා රටේ නිෂ්පාදන කර්මාන්තකරුවන්, කර්මාන්ත ක්ෂේත්‍රය හා බැදුනු රාජ්‍ය ආයතන, පාසල්, විශ්වවිද්‍ය සිසුන් ප්‍රමුඛ අනෙකුත් නවෝත්පාදකයන්ද එක්ව සිටියහ.