Thursday, October 24, 2024
Follow Us
QR ක්‍රමවේදය නැතිව කටයුතු කළ ඉන්ධනහල්වල සේවය අත්හිටුවයි

ඉන්ධන බෙදා හැරීමේදී ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය අනුගමනය නොකරන ඉන්ධන පිරවුම්හල් ගණනාවක සේවය අත්හිටුවීමට ඊයේ තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.


විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදාහැරීම පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ඊයේ( 16) පැවැත්වූ ප්‍රගති සමාලෝචන හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.


ඊයේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයෙන් අය විය යුතු රුපියල් බිලියන 105ක මුදල කඩිනමින් අය කර ගැනීමටත්, අඛණ්ඩව ඉන්ධන සැපයීම සිදු කිරීමට සහ පිරිපහදුව ක්‍රියාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.