Thursday, October 24, 2024
Follow Us
තේ නිෂ්පාදන අලෙවියට ගාල්ල කොටුවේ වෙනම පරිශ්‍රයක්

ගාල්ල නගරයේ උසස් තත්ත්වයේ ලාංකීය තේ නිෂ්පාදකයින් වෙනුවෙන් වෙන්වුණු Ministry Of Tea නම් තේ නිෂ්පාදන අලෙවිය වෙනුවෙන් වෙන් වූ පරිශ්‍රය ජනතා අයිතියට පත්කිරීමේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

"තේ කර්මාන්තය අපේ රට විශේෂයෙන් ආදායම් ලබන ක්ෂේත්‍රයක්. සිලෝන් ටී කියන නාමය ලොවට ගෙන ගියේ අපේ තේ කර්මාන්තයයි. අද ලෝකයේ වෙනත් තේ වර්ග තිබෙන බව සත්‍යයක්. සිලෝන් ටී වලට සුවිශේෂ රසයක් තිබෙන බව සොයමින් ලෝකේ හැම රටකම ජනතාව එය භුක්ති විඳිමින් සොයමින් සිටිනවා. පසුගිය කාලපරිච්ඡේදවලට වඩා අපනයන ක්ෂේත්‍රයේ පමණක් නොව තේ කර්මාන්තයත් විවිධත්වයකට පරිවර්තනය වෙමින් තිබෙනවා."