Thursday, October 24, 2024
Follow Us
ශ්‍රී ලංකා  ආර්ථිකය යථාවත් කිරීමට IMFමැදිහත්වීමක් අවශ්‍යයි - මුදල් රාජ්‍ය අමාත්‍ යශෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් පවතින රටවල ආර්ථිකය යථාවත් කිරීමට කටයුතු කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) පැවැත්වෙන "Voice of the Global South Summit  G 20 සමුළුවට" මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එක් වෙමින් සමුළුව අමතමිනි.

 ඒ් මහතා ප්‍රකාශ කළේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ සාකච්ඡා කරමින් පවතින IMF ඇප ලබා දීමේ ක්‍රියාවලියෙහි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි.

රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණවත් නොවීම නිසා මූලික ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය ඇතුළු ගැටලු රැසකට හේතු වී ඇති ආකාරය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කළේය.