Thursday, October 24, 2024
Follow Us
ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සහ ගෑස් ගවේෂණයට

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබා ගැනීම පිළිබඳව නීතිමය රෙගුලාසි නිකුත් කෙරේ

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි අවසන් කර නිකුත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ මහතා ට්විටර් පණිවුඩයක් මේ බව සඳහන් කළ අතර මේ සමඟ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ කොටස් 900ක පමණ ප්‍රමාණයක ඇති ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු කිරීමට ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කරන බව එහි සඳහන් වේ.