Thursday, October 24, 2024
Follow Us
මත්තල ආයෝජන අවස්ථාවක්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පහසුකම් භාවිත කරමින් ව්‍යාපාර කටයුතු ඇරඹීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, ගගන - යාත්‍රික සහ ගගන - යාත්‍රික නොවන ව්‍යාපාරයන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ සිදු කිරීම සඳහා සෘජු සහ වක්‍ර වශයෙන් ගුවන්සේවා ආශ්‍රිත ව්‍යවසායන්හි නියුතු ආයෝජකයින්ගෙන් සහ ක්‍රමෝපායික ව්‍යවසායකයින්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සිදු වේ.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිරිසැලසුමට අනුව ගුවන් මෙහෙයුම් මෙන්ම ගුවන් මෙහෙයුම් නොවන වෙනත් කාර්යයන්ට අදාළ ව්‍යාපාරික අවස්ථාවන් ද ක්‍රියාත්මක කරමින් බහුකාර්ය ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට එකී ගුවන්තොටුපොළ පරිවර්තනය කිරීමේ විභවයක් පවතී. එබැවින්, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ආයෝජන අවස්ථා ඇති කිරීම මඟින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අදාළ පහසුකම් හා වත්කම් ඵලදායී අයුරින් භාවිත කිරීම සඳහා පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.