මේවනවිට ක්‍රියාත්මක ශත විසිපහේ සිනී බද්ද අප්‍රේල් 13 සිට තවත් මාස 6කට දීර්ග කර තිබේ.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 13 දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සීනි ආනයනයේදී ගෙවිය යුතු විශේෂ භාණ්ඩ ආනයනය බද්ද ශත .25 දක්වා අඩුකරන ලදී.
මෙම බද්දේ වාසිය මහජනතාවට නොලැබුණු බවට විපක්ෂයෙන් මෙන්ම ආණ්ඩුවේ පාර්ශවවලින්ද දැඩි විවේචනයක් එල්ලවිය.
මේ නිසාම රජය පසුගිය ජනවාරි 13 දින සිට නැවතත් අප්‍රේල් 13 දක්වා ශත .25 හේ බද්ද අය කිරීම සඳහා නැවතත් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර නැවතත් පසුගිය 13 දා සීනි ඇතුලු තවත් භාණ්ඩ කිහිපයකම ආනයනය බද්ද ශත .25 ලෙස නියම කර ඇත.
අදාල ගැසට් නිවේදනය මාස හයක කාලයක් සඳහාම වලංගු වන බව සටහන් කර ඇත.
සීනිවලට අමතරව ලොකු ලූණු, පරිප්පු සඳහාද ශත .25 බද්ද වලංගු වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තොග වෙළෙඳ සංගමය ප්‍රකාශයකු සදහන් කළේ මේ සම්බන්ධයෙන් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති නිසා එම නඩුව අවසන් වනතුරු රජය බදු වෙනස් කිරීමට කටයුතු කර නොමැති බවයි.
(ලීඩර්)