Thursday, October 31, 2024
Follow Us
මහජන බැංකු සභාපති අගමැතිගේ නියෝගයෙන් ඉවතට විසිවෙයිද?

මහජන බැංකු සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතා තමන්ටම අයත් සමාගමක් වෙනුවෙන් රුපියල් මිලියන 25ක ණය මුදලක් මහජන බැංකුවෙන් ම අනුමත කරගෙන ඇති බවට පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් විපක්ෂය විසින් චෝදනා කරන ලද අතර; ඊට අමතරව සමගි ජන බලවේගයේ තරුණ බලවේගය නියෝජනය කරමින් මයන්ත දිසානායක මහතා ඇතුළු පිරිසක් විසින් ද පසුගිය දා මහජන බැංකු සභාපතිවරයාට එරෙහිව මහබැංකු අධිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

මෙම පසුබිම යටතේ දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබෙන බැවින් මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ එම ධූරයෙන් ඉවත් කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා විසින් ජනාධිපති ලේකම්වරයාටත් භාණ්ඩාගාර ලේකම්ටත් දැනුම් දී ඇති බව වාර්තා වේ.

(Lanka Leads)