බිත්තර මිල ඉහළ යාම කෘතිමව නිර්මාණය කළ එකක් නොවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
බිත්තර මාෆියාවක් ක්රියාත්මක වන බවට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය කළ චෝදනාව තමන් ප්රතික්ෂේප කරන බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් නෙත් නිවුස් වෙත පැවසුවේ.
බිත්තර ආනයනය කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක්ද කර තිබුණා.
කොරෝනා වසංගතය හමුවේ බිත්තර නිෂ්පාදකයින්ට දැඩි පාඩුවක් සිදු වූ බවයි මෙහිදී ප්රකාශ කෙරුණේ.
බිත්තර නිෂ්පාදන මිල ඉහළ යාම නිසා බිත්තර මිල අඩු කිරීමට නොහැකි තත්වයක් උද්ගත වූ බව ද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.
(Neth)