මෝටර් රථ ආනයනය සඳහා රජය සීමා පැනවීම හේතුවෙන් මේ වනවිට මෝටර් රථවල මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසනවා.
මේ නිසා අධික මිල ගණන් යටතේ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙය තාවකාලික ඉහළ යාමක් බවත් නැවත සුපුරුදු පරිදි මෝටර් රථ ආනයනය සඳහා රජය අවසර ලබාදුන් සැනින් මෝටර් රථවල මිල ගණන් සාමාන්‍ය තත්වය දක්වා පහත වැටෙන බව ද සභාපතිවරයා පවසනවා. ඉහළ මිල ගණන්වලට මෝටර් රථ මිලදී ගන්නා පුද්ගලයන්ට නැවත මිල සාමාන්‍ය තත්වයට පත් වූ පසු අහසුතාවලට මුහුණදීමට සිදුවන බවයි ඔහු පවසන්නේ.
මේ නිසා පවතින මිල ගණන් යටතේ මෝටර් රථ මිලදී ගැනීම සුදුසු නොවන බවයි මෙරෙන්චිගේ මහතා පෙන්වා දෙන්නේ.
රජය සතු විදේශ සංචිත පහත වැටීම වලක්වා ගැණීමේ අරමුණින් රජය මෝටර් රථ ඇතුළු සුඛෝපභෝගී වාහන ආයනය අත්හිටුවා තිබේ.
(LNW)