මෙරටට කහ ආනයනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත් කර ඇතැයි පළවන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
කහ ආනයන තහනම හේතුවෙන් අපනයන අවශ්‍යතා සඳහා කහ ආනයනය කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හා සමාගම් විවිධ ගැටළුවලට මුහුණ පා ඇති අතර ඔවුන් තමන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙරට සාමාන්‍ය වෙළඳපොල අවශ්‍යතා සඳහා නොව අපනයන අවශ්‍යතා සඳහා පමණක් පිටරටින් සීමිත ප්‍රමාණයක් කහ ගෙන්වීමට හැකි වන පරිදි ආනයන සීමා යම් දුරකට ලිහිල් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි ඒ මහතා සඳහන් කළේ.
(LNW)