Saturday, October 19, 2024
Follow Us
කොහිල අල සීනි සම්බෝලය

 අපි ඔබට ගෙන එන්නේ ගමේ රසට සාදාගත හැකි බැදුම් වර්ග කිහිපයකි. මේවා ගමේ පරිසරයෙන් ඉතාමත් පහසුවෙන් සොයාගත හැකි ඒවාය. වැඩි කාලවේලාවක් නොයවා කල් තබා ගත හැකි පරිදි සාදා ගන්න පුළුවනි.

ඔබ රැකියාවක් කරන යුවතියක් නම් සති අන්තයේ මේ සියල්ල සාදා තබා ගන්න. ඒ වගේම විදෙස් ගතව සිටින හිතවතුන්ට නෑදෑයන්ට යවන්නත් කදිමයි. මෙවර අප ඔබට ලබාදෙන මෙම ආහාර දැන් තරුණී රධභබභඡඥ නාළිකාව ඔස්සේ ද බලා ගත හැකි වීම විශේෂත්වයකි.

අවශ්‍ය ද්‍රව්‍ය

කොහිල අල කිලෝග්‍රෑම් 1ක් (සිහින්ව ලියා ගැඹුරු තෙලේ බැදගත්)

රටලූනු ග්‍රෑම් 250ක් (සිහින්ව ලියා ගැඹුරු තෙලේ බැදගත්)

උම්බලකඩ ග්‍රෑම් 100ක්

කෑලි මිරිස් ග්‍රෑම් 25ක්

සෝයා සෝස් මේස හැඳි 2ක්

තක්කාලි සෝස් මේස හැඳි 2ක්

සීනි මේස හැඳි 2ක්

රස අනුව ලුණු

භාජනයක් ගෙන ළිපේ තබා එයට උම්බලකඩ දමා ටිකක් රත්කර ගන්න. ඉන්පසුව එයට රම්පෙ, කරපිංචා, එනසාල්, කරාඹු නැටි දමා කලවම් කරගන්න. දැන් එයටම කෑලි මිරිස් එකතුකර කලවම් කරගන්න. රස අනුව ලුණු එකතුකර ගන්න. සීනි සහ තක්කාලි සෝස් , සෝයා සෝස් එකතුකර හොඳින් කලවම්කර ගන්න. එයට බැදගත් කොහිල සහ රස අනුව ලුණු කුඩු එකතුකර හොඳින් කලවම්කර කෑමට ගන්න.

Tharunie