Saturday, October 19, 2024
Follow Us
රසම රස ජුජුබ්ස් ගෙදර හදමු

අවශ්‍ය ද්‍රව්‍ය 

 සීනි කෝප්ප 02ක්

* වතුර කෝප්ප 1ක්

* ජෙලටින් මේස හැඳි දෙකක්

* ග්ලුකෝස් සිරප් මේස හැඳි දෙකක්

ඔබ කැමති රසයකින් ගන්න

~ වතුර කෝප්ප බාගෙකට ජෙලටින් එකතුකර විනාඩි 5ක් පමණ තබන්න.

~ බඳුනක් ළිප තබා එයට ඉතුරු වතුර කෝප්ප 1/2 එක්කර ළිප තබා රත් කරන්න.

~ දැන් එයට සීනි එකතුකර හොඳට උතුරන්න හරින්න.

~ හොඳට පෙණ දමා උතුරාගෙන එද්දී ජෙලටින් මිශ්‍රණය සහ ග්ලුකෝස් සිරප් එකතු කරන්න.

~ විනාඩි 15ක් 20ක් ගත වෙද්දී අපූරුවට සීනි සිරප් එකක් හැදෙනවා. දැන් ළිප නිවා දමා ටික වෙලාවක් ඉන්න. (විනාඩි 5 පමණ)

~ ඊට පස්සේ තමන් කැමති රසයකින් සහ වර්ණයකින් පාට එක් කරන්න.

~ දැන් පුංචි හැඩ තිබෙන සිලිකන් මෝල්ඩ් එකකට මේ සීනි සිරප් එක දාලා සෙට් වෙන්න හරින්න.

~ නැතිනම් ගැඹුර අඩු තැටියකට එක් කර සෙට් වෙන්න හැර කෑලි කපා ගන්න. එහෙම කරනවානම් උණු වතුරේ බස්සලා ගන්න පිහියකින් කෑලි කපා ගන්න.

~ මෙය පැය 3,4ක් හෝ හොඳින් සෙට් වෙනතුරු තබන්න.

~ හොඳින් සෙට් වුණු පසුව සීනි දවටන්න.

~ කැමති පාට රස අනුව සකස් කරගන්න.

~ ස්ටික්ස්වල රඳවා හෝ ලස්සන වීදුරු බඳුන්වල බහා පිළිගන්වන්න.

 

Tharunie