Sunday, October 20, 2024
Follow Us
වලාකුළු පුඩින්

වලාකුළු පුඩින් -

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග‍්‍රෑම් 180

බිත්තර සුදුමද 4

ලුණු ස්වල්පයක්

කජු ග‍්‍රෑම් 150

සාදාගන්නා ආකාරය

සීනි ග‍්‍රෑම් 100 කැරමල් කර පුඩිම සාදන භාජනයේ අඩිය හොඳින් වැසෙන සේ දමා ගන්න. තවත් වියළි භාජනයක් ගෙන එයට බිත්තර සුදුමද දමා හොඳින් ගසාගෙන ඉතිරි සීනි ග‍්‍රෑම් 80 දමා සීනි දියවන තුරු නැවත ගසාගන්න. සාදාගත් මිශ‍්‍රණයට ලූණු ස්වල්පයක් සමඟ කැමති රසයක් එක්කර සාදාගත් වළාකුළු වැනි මිශ‍්‍රණය කැරමල් භාජනයට දමා වාෂ්පයෙන් තම්බා ගන්න. හොඳින් තැම්බුණු පසු භාජනය සිසිල් වීමට තබා එ් මත කජු කැබලි ඉස පිළිගන්වන්න.